BREAKING NEWS
Search

අලුත් අවුරුද්දේ මත්පැන් මිලට වෙන්න යන දේ මෙන්න

1857

මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළ දැම්මත් ඉන් මත්පැන් මිලට බලපෑමක් සිදුනොවනු ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. පේමරත්න මහතා පවසනවා.

මත්පැන් බලපත්‍ර ගාස්තු සංශෝධනයේදී ආරක්ෂිත ඇප තැන්පතු ගාස්තුවල යම් වෙනසක් තිබේ නම් එය ගෙවිය යුතු බවද ඇතැම් නිෂ්පාදකයන් මේ වනවිට එම ආරක්ෂිත ඇප සම්පූර්ණයෙන් ගෙවා හෝ කොටසක් ගෙවා තිබෙන බවත් එම ඉතිරි කොටස ද අයකර ගන්නා බවත් ඔහු සදහන් කරනවා.

දැනට රට තුළ මත්පැන් නිෂ්පාදනාගාර ප්‍රමාණවත් ලෙස පවතින බවත් නව නිෂ්පාදනාගාර ආරම්භ කරන්නේ නම් ඔවුන් සඳහා නව චක්‍රලේඛය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන බවත් ඔහු අවධාරණය කරනවා.

ස්කාගාර බලපත්‍ර, රා බෝතල් කිරීමේ බලපත්‍ර, විනාකිරි නිෂ්පාදන බලපත්‍ර, වයින් නිෂ්පාදනය, බෝතල් කිරීම ඇතුළු සියලුම වර්ග සඳහා සුරාබදු ගාස්තු සියයට සියයකින් වැඩිකර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *