මෙම හමුව සිදුවීමට හේතු වී ඇත්තේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක , හිටපු අමාත්‍ය තිස්ස අත්තනායකගේ දියණියගේ විවාහ මංගල උත්සවයයි.
මෙම විවාහ උත්සවයේදී මනාලියගේ පාර්ශවයෙන් සජිත් ප්‍රේමදාස අත්සන් කළ අතර මනාලයාගේ පාර්ශවයෙන් අත්සන් කළේ රනිල් වික්‍රමසිංහයි.
තිස්ස අත්තනායකගේ දියණිය වන දුල්මිණි අත්තනායකගේ අත ගත්තේ ව්‍යාපාරිකයෙක් වන අනෝජ් කුමාරගේ.
විවාහයෙහි සාක්ෂියට අත්සන් කළ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර කතා බහක් සිදුවී නැතත් ඉතා කෙටියෙන් යම් අදහස් හුවමාරුවීමක් සිදු වුණා.
සජිත් ප්‍රේමදාස පිටත්ව යාමට සූදානම් වන විට රනිල් වික්‍රමසිංහ විමසා ඇත්තේ ඩිනර් එකට එනවාද යනුවෙනි.
සජිත් ප්‍රේමදාස එහිදී බලමු යනුවෙන් පිළිතුරු ලබා දී පිටත්ව ගොස් තිබෙනවා.
විවාහ උත්සවයට කරූ ජයසූරිය, තලතා අතුකෝරාල, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු දේශපාලඥයින් පිරිසක්ද එක්ව සිටියා.
ඉන් අනතුරුව කොළඹ හෝටලයක පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු සමගි ජන බලවේගයේ දේශපාලඥයින් පිරිසක්ද එක්ව තිබෙනවා.
























