Search

මන්නාරමේ සතියක කාලයක් මස් තහනම්

112

මන්නාරම දිස්ත්‍රික්කය තුළ ඊයේ (03) සිට සතියක කාලයක් ගව මස්, එළු මස්, ඌරු මස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම, සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා පවසයි.

ආපදාවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ගවයන් ඇතුළු ගොවිපළ සතුන් විශාල වශයෙන් මියගිය අතර එම සතුන්ගේ මස් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

කෙසේවෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ගං වතුර ආපදාවලට ලක්ව මියගිය සතුන්ගේ මළ සිරුරු මිනිස් පරිභෝජනය සඳහා විකිණීම හා ප්‍රවාහනය කිරීම සිදු වන්නේ දැයි දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධානයෙන් සිටින බවය.

එබඳු අවස්ථා ගැන යම් තොරතුරක් ඇත්නම් සිය ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දන්වන ලෙසද එසේ නොහැකි වන අවස්ථාවලදී පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ ක්ෂණික දුරකතන අංකය වන 1926ට දැනුවත් කරන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *