BREAKING NEWS
Search

තරුණයෙකුට මරු කැදවූ බිහිසුණු දුම්රිය අනතුර

355

කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ හලාවත බණ්ඩාරවත්ත ප්‍රදේශයේ ආනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අද දහවල් කාළයේදි කුඩා ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි හලාවත මුලස්ථාන පොලිසිය කියයි.

මෙම අනතුරින් මිය ගොස් තිබුණේ ලුණුවිල බණ්ඩිරිප්පුවේ පදිංචිකරුවකු වන එල්.ජී.අරුණ ගයන්ත කුමාර (අවු:27) නැමැත්තෙකි.

අනතුරින් තුවාල ගබා ඇති හලාවත  පදිංචිකරුවකු හලාවත මහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

කොළඹ සිට හලාවත දක්වා ධාවනය වෙමින් තිබු මගි බලවේග කට්ටල දුම්රියක කාක්කපල්ලිය සවරාන දුම්රිය ස්ථාන අතර ඇති අනාරක්ෂිත හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුවී ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *