BREAKING NEWS
Search

සුදු කතට රන්දික පෙන්වූ ත්‍රිරෝද රථ රියදුරාට සිදු වූ දේ

579

විදේශිය සංචාරක කාන්තාවන් දෙදෙනකුට රහසඟ පෙන්වා ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරද පිළිගත් ත‍්‍රීරෝද රථ රියදුරකුට මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ පීලෑස්ස මහේස්ත‍්‍රාත් ඩබ්.එස්.එල්. දසනායක මහත්මිය විදේශීය කාන්තාවන් දෙදෙනාට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවීමටද නියම කළාය.

රුපියල් 1500/- බැගින් විත්තිකරුට රුපියල් 3000/-ක දඩ නියම කළ මහෙස්ත‍්‍රාත්වරිය විත්තිකරුට නියම කළ මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම වසර 10ක කාලයකට අත්හිටිවීමටද නියම කළාය.

චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස දඬුවම් නියම වුයේ මාවතගම බරන්දන පාරේ පදිංචි 33 හැවිරිදි ත‍්‍රීරෝද රථ රියදුරකු වන මුතුතන්ත‍්‍රිලාගේ චානූක නුවන් ජයසිංහ නමැත්තෙකුටය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *