BREAKING NEWS
Search

උසස් පෙළ විභාගය ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

847

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගය නොවැම්බර් මස 10 වැනි දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම විභාගය නොවැම්බර් මස 10 වැනි දින සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා විභාග මධ්‍යස්ථාන 2362 ක දී පැවැත්වෙන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2025 දෙසැම්බර් මස 6 වැනි සෙනසුරාදා පැවැත්වෙන බවද එම දෙපාර්තමේන්තුව කියයි.

එම විභාගය දිවයිනපුරා මධ්‍යස්ථාන 1665 කදී පැවැත්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *