ජනපති ඉද්දිත් මිනිස්සු දුක කියන්නේ මට

44

ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් සිටියදී ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එම නිසා අගනුවර සිටින දානපතියන් සම්බන්ධ කර ගෙන දුුෂ්කර පාසල් වල ගැටලු විසඳන බව සජිත් ප්‍රේමදාස මහතා කීය.

පාසල් වසා දමන ආණ්ඩුවේ කුමන්ත්‍රණයට විරුද්ධව ජනතාව පෙළ ගැසිය යුතු බව සඳහන් කළ විපක්ෂ නායකවරයා ඒ සදහා සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බව කීය.

පාසල් රැකගන්නට සාමකාමීව නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ නොච්චියාගම දුණු මඩලාව පුරාණ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසහනට එක්වෙමිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *