මෙම තරුණයා (17) පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ යතුරුපැදි ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කිරීම සඳහා උත්සව කටයුතුවල නිරතව සිටියදි වෙනත් ස්ථානයක තිබු විදුලි රැහැනකින් සැරසිලි කටයුතු සදහා යොදා ගන්නා බැලුම් පිම්බිමට ගොස් විදුලිය වැදී මරණයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.
මරණයට පත් තරුණයා මාස කිපයකට පෙර විවාහ වි ඇති අතර ඔහුට බාල තවත් සොහොයුරකු ද ඇති බව වාර්තා වෙනවා.
විදුලිසරට හසුවීමෙන් බරපතල ලෙස අසාධ්‍යව සිටි තරුණයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්ව සිටි බව කියැවෙනවා.



















