ගුවන් පථයට නරියෙක් පැනලා.. කොළඹින් ගිය ගුවන් යානයක් ඩකාහිදී අනතුරකින් අනුනවයෙන් බේරෙයි..

1501
මෙරට සිට බංග්ලාදේශයේ ඩකා නුවර බලා ගිය ෆිට්ස් එයාර්ලයින්ස් ගුවන් යානයක්, එම ධාවන පථයට පැමිණි නරියෙකු නිසා සිදුවීමට ගිය බරපතල අනතුරකින් බේරී ඇතැයි වාර්තා වෙනවා.
එරට මාධ්‍ය වාර්තා කරන පරිදි සිදුවීම ඉකුත් සිකුරාදා අලුයම සිදුව තිබෙනවා.

ඒ ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී බවයි එම මාධ්‍ය පවසන්නේ.

මගීන් 200කට අධික පිරිසක් රැගත් ගුවන් යානය එදින අලුයම 2.00ට පමණ ගොඩබස්වා ඇති බවද සඳහන්.

එරට ගුවන්තොටුපල බලධාරීන්ට අනුව, යානය ගොඩබස්වන අවස්ථාවේදී හදිසියේම ධාවන පථයට දිව ආ නරියෙකු එහි රෝද පද්ධතියේ පැටලී තිබෙනවා.

එහිදී ගුවන් නියමුවාගේ ක්ෂණික ක්‍රියාත්මක වීම හේතුවෙන් යානය ආරක්ෂිතව නතර කර ගැනීමට හැකිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරුව ක්‍රියාත්මක වූ ගුවන් තොටුපල භූමි සේවකයන් විසින් නරියා ඉවත් කර තිබෙන අතර ආපදාවකින් තොරව යානය ධාවන පථයෙන් ඉවතට ගැනීමටද සමත්ව තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *