BREAKING NEWS
Search

පාතාලේ අක්මුල් නවතින්නෙ කාල්ටන් එකේ

85

පාතාලේ අග මුල හොයන කොට අක්මුල් ගිහින් නවතින්නෙ කාල්ටන් එකේ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“කුඩු මඩින කොට විපක්ෂයත් කුඩු පට්ටම් වෙලා.ලංකා ඉතිහාසයේ පළමු වතාවට කැබලි වූ විපක්ෂය එක තැනකට වැටිලා තියෙනවා.පාතාලෙට කුඩු වලට සම්බන්ධ කණ්ඩායම් එක ගොඩක ඉන්නවා.

අනෙක් පැත්තේ සැබෑ බුද්ධිමත් උගත් ප්‍රගතිශීලී මිනිස්සු ඉන්නවා. අනුර දිසානායක විශාල දේශපාලන ආදර්ශයක් ලබා දී තියෙනවා. වරප්‍රසාද අතහැර තියෙනවා.ජා.ජ.බ ආවේ නැත්නම් ඔය කුඩු ඇල්ලෙයිද? එහෙම නම් තරුණ තරුණියෝ මේ කුඩු ටික බොනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *