BREAKING NEWS
Search

5 හැවිරිදි සිගිත්තෙක් පිහිණුම් පුහුණු වෙද්දි ගිලි මරුට

278

මිරිහාන ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 5 හැවිරිදි සිසුවකු  පිහිනුම් පුහුණුවීම් කරමින් සිටියදී දියේ ගිලීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව මිරිහාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචි නෙතුර වික්‍රම හේරත් නැමැති සිසුවෙකි.

එම ජාත්‍යන්තර පාසලේ ගුරුවරුන් සමඟ පාසල් දරුවන් 30 දෙනකු පමණ එම පිහිනුම් පුහුණුවීම් සඳහා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි එම පිහිනුම් තටාකයට  ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව පුහුණුකරුවන්ගේ මග පෙන්වීම යටතේ සිසුන් එම පිහිනුම් තටාකයේ පුහුණුවීම් සිදුකරමින් සිටියදී මෙම සිසුවා දියේ ගිලී ඇති අතර අනතුරුව දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගිය සිසුවා පවුලේ බාල දරුවා වන අතර ඔහුට වඩා වැඩිමල් සහෝදරයන් දෙදෙනකු සිටින බවද පොලිසිය කියයි.

මෘත දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට නියමිතව තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *