BREAKING NEWS
Search

අණ නොතැකූ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

112

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසිය විසින් වෙඩිතබා තිබේ.

පොලීසිය පැවසුවේ, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන ලෙස සංඥා කර ඇති බවය.

එහෙත් එම අණ නොතකා මෝටර් රථය ධාවන කර තිබේ.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව සඳහන්ය.

නොනවත්වා ධාවනය වු මෝටර් රථය පසුව මාතර ජනරාජ මාවතේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලීසිය පැවසුවේය.

මෝටර් රථයේ පුද්ගලයින් දෙදෙනෙකු එම අවස්ථාවේ ගමන් කර ඇති අතර පසුව ඔවුන් පලාගොස් තිබේ.

මෝටර් රථයේ හිමිකරු හඳුනාගෙන ඇති බව සඳහන්ය.

පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *