BREAKING NEWS
Search

දරුවන් භාවිත කරන ප්ලාස්ටික් බෝතල් ඇතුළු උපකරණවලට මේ දේවල් අනිවාර්යයි. නීති දැඩිවෙයි

518

2026 අප්‍රේල් 01 වනදා සිට පාසල් සිසුන් හා කුඩා දරුවන් භාවිත කරන ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටි වැනි ප්ලාස්ටික් උපකරණ නිෂ්පාදනය කිරීම සහ වෙළෙඳපළට නිකුත් කිරීමේදී SLS සහතිකය තිබීම අනිවාර්යය බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

සිය අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එදින සිට නියමිත ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන විකිණීම සම්පූර්ණයෙන් තහනම් වන බවය.

කුඩා දරුවන්ට දියර කිරි ලබාදීම සඳහා භාවිත කරන ප්ලාස්ටික් බෝතල් මෙන්ම පාසල් සිසුන් භාවිත කරන කෑම පෙට්ටි හා වතුර බෝතල් විවිධ මිල ගණන් යටතේ වෙළෙඳපොළ තුළ අලෙවි කෙරෙයි.

මෙම ඇතැම් ප්ලාස්ටික් උපකරණවල නියමිත ප්‍රමිති සහතිකය හෝ භාවිත කිරීමට සුදුසු බවට සඳහන් කිසිදු සලකුණක් දක්නට ලැබෙන්නේ නැත.

පාරිභෝගික සේවා අධිකාරියේ තොරතුරුවලට අනුව ඇතැම් නිෂ්පාදනවල පිළිකා කාරක අඩංගු බවටද කරුණු අනාවරණ වී තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් පළමු වැනිදා සිට ආහාර හා දියර වර්ග ගඩඩාකළ හැකි ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය කිරීම හා අලෙවි කිරීම තහනම් කිරීම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය මෙලෙස පියවර ගෙන තිබේ.

විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ එදින සිට අදාළ භාණ්ඩවල SLS සහතිකය අනිවාර්යය බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *