BREAKING NEWS
Search

තාජුදීන් කතාවට නාමල් කලබලවීම හොයන්න ඕන

73

තාජුදීන්  ඝාතනය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කී කතාව  ගැන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා  ලොකුවට කලබල විය යුතු නැතැයි  කම්කරු නියෝජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් මෙතරම් කලබල වන්නේ ඇයි දැයි ජනතාව සිතා බැලිය යුතු බවත් තාජුඩීන් ඝාතනය මහා බැංකු හොරකම වැනි සිද්ධි සම්බන්ධයෙන්  මේ රටේ   ජනතාව යම් විමසිල්ලකින් සිටින බවත්   ඔහු සඳහන් කළේය.

එම සිද්ධි  පරීක්ෂණවලට   බාධාවක් නොවන ආකාරයට යම් ප්‍රමාණකට  දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා නීතිය පසිඳලන ආයතන දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොරව  අද ස්වාධීනව ක්‍රියාත්මක වන බවද  සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *