BREAKING NEWS
Search

අම්පාර රෝහල ඉදිරිපිට අනතුරකින් මල් කැකුළක් පරවෙයි

222
අම්පාර මහ රෝහල ඉදිරිපිට පදිකමාරුවේදී සිදුවූ අනතුරකින් අවුරුදු හතරක පිරිමි දරුවෙකු මියගොස් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ උහන, උදයගිරිය ප්‍රාදේශයේ දරුවෙක්.

මියගිය දරුවා සිය පුංචි අම්මා සමග රෝහලට ගොස් නැවත එමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය දරුවාගේ මව අම්පාර මහ රෝහලේ කුඩා දරුවා සමග නැවති ප්‍රථිකරා ලබමින් සිටින බවයි පොලිසිය සඳහන් කළා.

එම මව සහ දරුවා බැලීමට ගොස් ආපසු නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

පුතා සහ පුංචි අම්මා පදිකමාරුව හරහා යාමේදී ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

ටිපර් රථය සහ රියදුරු අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *