BREAKING NEWS
Search

උපන්දිනය දවසෙම අවසන් ගමන් ගිය තරුණයෙක් ගැන ඇසෙන සංවේදී කතාව

876
අද ඔහුගේ මවුපියන් මේ දුක කොහොම නම් දරාගන්නවා ඇතිද? තරුණයෙකුගේ ජීවිත කාලයේ ලස්සනම කාර්තුවේදී ඔහුට හිතුවේවත් නැති විදිහට ජීවිතයෙන් සමුගන්න වෙලා.
නොසිතූ අනතුරකින් ජීවිතයෙන් සමුගත් මේ තරුණයා කවුද? මේ අන්න ඒ සිද්ධිය ගැන ඇසෙන සංවේදී කතාවයි.

අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු
අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ අනතුරින් මිය ගොස් ඇත්තේ නුවරඑලිය හාවාඑළිය ප්‍රදේශයේ පදිංචි මනෙත්
අපූර්ව නැමති තරුණයෙක්.

ඊයේ රාත්‍රී 9:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ රාගල නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හාවාඑළිය ෆොරස්ට් මංසන්ධියේදීයි.

තම නිවසේ සිට නුවරඑලිය දක්වා යතුරුපැදිය ධාවනය කල තරුණයා ෆොරස්ට් මංසන්ධියෙන් යතුරුපැදිය නුවරඑලිය නගරය දෙසට ඇතුලු කිරිමත් සමග එම දිශාවටම රාගල සිට නුවරඑලිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවට අනතුර පිලිබද පරික්ෂණ පවත්වන
නුවරඑලිය පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සැකකරන්නේ.

ලොරි රථයේ රියදුරු නුවරඑලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරින් යතුරුපැදියට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත් තරුණයාගේ 21 වන උපන්දිනය 22 දිනට යෙදී ඇති බවයි වාර්තා වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *