BREAKING NEWS
Search

අබිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

414

අබිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් ඉබ්බාගමුව යකල්ල ප්‍රදේශයේ බෝක්කුවක් තුළ තිබියදී ගොකරැල්ල පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 21ක් වන ඉබ්බාගමුව පබුළුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මියගිය තරුණයා ඊයේ රාත්‍රී සිට අතුරුදන්ව ඇති බවට අද උදෑසන පොලීසියට පැමිණිල්ලක්ද ලැබී තිබූ බව පොලීසිය පැවසුවේය.

සත්ත්ව ගොවිපළක කම්කරුවකු ලෙස සේවය කර ඇති අදාළ තරුණයා ඊයේ රාත්‍රී සිය වැඩමුරය නිමා කර නිවසට පැමිණෙන බව නිවැසියන්ට දන්වා  තිබුණද රාත්‍රී 10.00න් පසුව ඔහුගෙන් කිසිඳු තොරතුරක් නොලැබුණු බව නිවැසියන් පොලීසියට පවසා තිබේ.

ගොකරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *