සමාජ මාධ්‍යයන්හි ඉකුත් දිනවල කතාබහට ලක්වූ ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවයට ගොස් රැකියාවට නොගොස් විවිධ ස්ථානවලවල කාලය ගත කළ ශ්‍රී ලාංකිකයා මෙරට බලා පිටත් කිරීමට කටයුතු කළ බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව, මානසික හා ශාරීරික තත්ත්වය යහපත් නොවන නිසා ඔහුව රැගෙන ඒමට තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශයේ නිලධාරිනියක් ද ඔහු හා කොළඹ බලා පිටත්වූ බවයි.
එබැවින් ඊයේ උදෑසන (19) ටෙල්අවිව් ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට එහි පැමිණි බවද ඔහු සඳහන් කළා.
තවද තානාපතිවරයා විසින් ඉකුත් දින කීපය තුළ ඔහු රැකබලා ගත් බොහෝ දෙනෙකු සිටින අතර, ඒ සියලු දෙනාට තානාපති කාර්යාලය වෙනුවෙන් ස්තුතිය පිරිනමන බව ද ප්‍රකාශ කළා.
එමෙන්ම, ඔහුට අමතරව ඊශ්‍රායලයට පැමිණ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පිඩාවට පත්වූ තවත් ශ්‍රී ලාංකිකයෙකු කොළඹට එවා ඇති අතර, ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය නැතිවී ඇති හෙයින් තානාපති කාර්යාලය ඔහුට අය කිරීමකින් තොරව තාවකාලික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දීමට කටයුතු කර බව තානාපතිවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම මේ දෙදෙනා සමඟ මෙම වසර තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා අර්බුදයට මුහුණ පා සිටි පුද්ගලයන් 07 දෙනෙකු මෙරටට එවා ඇති බව සඳහන්.
ඒ අතර කාන්තාවක් ද සිටින බව සඳහන්. ඊට අමතරව තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ ඔවුන් 07 දෙනා හැර, මත්පැන් භාවිතා කොට නාන කාමරයේ ලිස්සා වැටීමෙන් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයෙකු ද සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට පිටත්කර එවූ බවයි.
තවද , ඉකුත් කාලයේ ඊශ්‍රායලයේ දී දිවි නසාගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටි බව වාර්තා වූ බවද සඳහන් කළ තානාපතිවරයා.
මෙම හේතූන් නිසා මත්පැන් හා මත්ද්‍රවය භාවිතයට තදින් ඇබ්බැහි වූ පිරිස ඊශ්‍රායලයේ රැකියාවලට එවීමට කටයුතු නොකරන ලෙස ද ඉල්ලා සිටිනවා.



















