BREAKING NEWS
Search

දුනිත්ගේ පියාගේ වියෝව ගැන මොහොමඩ් නබි සංවේදී වෙයි

398

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය හේතුවෙන් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සිය සංවේගය පළකර ඇත.

ඇෆ්ගනිස්තාන හිටපු නායකයෙකු මෙන්ම ඊයේ (18) තරගයේ දී සිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ මොහොමඩ් නබිද ඒ අතර සිටියි.

ඔහු සිය ‘X’ ගිණුමේ දුනිත් සහ ඔහුගේ පියා එක්ව සිටින ඡායාරූපයක් පළකරමින් දුනිත්ගේ පවුලේ අයට හෘදයාංගම ශෝකය පළ කර ඇත.

“තම ආදරණීය පියාගේ වියෝව ගැන දුනිත් වෙල්ලාලගේ සහ ඔහුගේ පවුලේ අයට හෘදයාංගම ශෝකය පළකරනවා. ශක්තිමත්ව සිටින්න සහෝදරයා” යනුවෙන් පවසා තිබේ.

එමෙන්ම බංග්ලාදේශ විස්සයි20 නායක ලිටන් දාස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ,  දුනිත්ගේ පවුලට ශක්තිය ලබා දෙන්නැයි තමන් දෙවියන්ගෙන් අයැද සිටින බවයි.

“දුනිත් වෙල්ලාලගේ, ඔබ ශක්තිමත්ව ඉන්න. 

ඔබේ පියා වන සුරංග වෙල්ලාලගේ වයස අවුරුදු 54 දී අභාවප්‍රාප්තවීම ඇසීම අතිශයින් කණගාටුයි. ඔහු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔහුට සදාකාලික සාමය ලබා දී, මෙම අසීරු අවස්ථාවේදී දුනිත්ගේ පවුලට ශක්තිය ලබා දෙත්වා” යනුවෙන් දක්වා ඇත.

ඔවුන්ට අමතරව බංග්ලාදේශ ක්‍රීඩකයන් වන ටස්කින් අහ්මඩ්, තව්හිද් රිදෝයි ඇතුළු කිහිප දෙනෙකුම සිය ශෝකය පළකර තිබේ.

දුනිත්ගේ පියා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (18) අභාවප්‍රාප්ත වූ අතර, ඒ වනවිට දුනිත් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ක්‍රීඩාකරමින් සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *