BREAKING NEWS
Search

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම් හෙට සහ අනිද්දා. මෙන්න සම්පුර්ණ විස්තරය

420

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා කොළඹ, කළුතර, ගම්පහ හා කෑගල්ල දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ අනිද්දා (20) 21 දිනවල කොළඹ 10, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වේ.

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/09/20 හා 2025/09/21 දිනවල මහනුවර හෙද විදුහලේ දී 20 සහ 21 දින වල පැවැත්වේ.

මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම්දීම් සිදු කළ පුද්ගලයින් පමණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *