ඉදිරියේදී දහවල් කාලයේ ඉතිරිවන අතිරික්ත විදුලිය උපයෝගී කර ගනිමින් විදුලියෙන් ධාවනය වන දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වි ඇතැයි ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක පවසනවා. ඔහු එලෙස ප්‍රකාශ කළේ මරදාන දුම්රියපොළ නවීකරණය කිරීමේ උත්සවය අමතමින්.
මීට අමතරව පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා ද්විත්ව දුම්රිය මාර්ග පද්ධතියක් ඉදි කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කියයි.
“අවුරුදු එක සිය හැට එකක් පැරණි මෙරට දුම්රිය සේවය නවිකරණය කිරීමේ කටයුතු දැන් අරඹා තිබෙනවා. මේ නවීකරණ කටයුතු සිදුවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහන යටතේ. ඒ් අනුව මරදාන දුම්රිය ස්ථානය නවීකරණය වන්නේ ආබාධිත අයට වගේම වැඩිහිටියන්ට පහසුවෙන් දුම්රියට ගොඩ විය හැකි විදියටයි. ඒ් සදහා කොළඹ ආනන්ද විද්‍යාල වගේම මරදාන ශාන්ත ජෝශප් හා සහිරා විද්‍යාල වලින් මෙන්ම මෙරට පුමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් විශේෂ අනුග්‍රහයක් ලැබී තිබෙනවා.
”
ඇමැතිවරයා සදහන් කරන ආකාරයට අනුව මරදාන ස්ටේෂන් එකේ ටිකට්පත් ගන්න විදිය පමණක් නොව සියලු කටයුතු නවීකරණය වෙනවා. මේ අකාරයට රට වටා ඇති දුම්රිය ස්ථාන 100 ක් අලුත් වෙන බව සදහන්.



















