BREAKING NEWS
Search

එයාර් ඉන්දියා අනතුරින් දිවි ගලවාගත් විශ්වාෂ් කුමාර් ගැන, මාස තුනකට පසු ඇහෙන කතාව…

1363
එයාර් ඉන්දියා අනතුරින් දිවි ගලවාගත් එකම පුද්ගලයා යළි ගුවන් යානයකට නැගීමට බිය වන නිසා ඔහු එක්සත් රාජධානියට නැවත නොඑනු ඇතැයි ඔහුගේ පවුලේ අය හෙළි කර තිබෙනවා.
පුද්ගලයන් 241දෙනෙකුට මරු කැඳවමින් ජුනි 12වැනිදා සිදු වූ අනතුරෙන් 40 හැවිරිදි විශ්වාෂ් කුමාර් රමේෂ් පමණක් දිවි ගලවාගත් අතර මුහුණේ සහ පපුවේ ඇති වී තිබූ කැපුම් තුවාල වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහුව රෝහල් ගත කෙරුණි.

තවද අනතුරින් පසු ඔහු මනෝ චිකිත්සක ප්‍රතිකාර වෙත යොමු කළ බවද වාර්තා වේ.

එසේම විශ්වාෂ් කුමාර් රමේෂ් මාස තුනකට පසුවත් තවමත් සුවය ලබමින් සිටින බව සදහන්.

මෙම අනතුරෙන් විශ්වාෂ් කුමාර්ගේ 35 හැවිරිදි සහෝදරයාද ජීවිතක්ෂයට පත් විය.

විශ්වාෂ් කුමාර් රමේෂ්ගේ බිරිඳ පවසා ඇත්තේ ඔහු ඉන්දියාවේ සිට එක්සත් රාජධානියට නැවත පැමිණෙන්නේ කවදාදැයි තමාට “නිශ්චිත නැත” කියාය.

මෙම යුවළගේ පුත්‍රයා තත්ත්වය තේරුම් ගෙන සිටින අතර ඔහුට සිය පියා මග හැරෙන බව ද බිරිඳ පවසා ඇත.

බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන 40 හැවිරිදි විශ්වාෂ්, අනතුරෙන් පසු ඔහුගේ පපුවට, ඇස්වලට සහ පාදවලට සිදු වූ තුවාල හේතුවෙන් රෝහල් ගත කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් මීට පෙර වාර්තා කළේය.

සැප්තැම්බර් 12 වන සිකුරාදා වන විට, විශ්වාෂ් තවමත් සුවය ලබමින් ඉන්දියාවේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහුගේ බිරිඳ ද ටයිම්ස් පුවත්පතට පවසා තිබුණි.

“තේරුම් ගත්තත් තවමත් ඔහුගේ පියා මග හැරෙන” බව ඇය පැවසුවාය.

සිද්ධිය පිළිබඳ අංශ කිහිපයක් ඔස්සේ ඉන්දීය බලධාරීන් විමර්ෂණ ආරම්භ කළ අතර මූලික විමර්ෂණයක දී හෙළිවී ඇත්තේ ගුවන් යානයේ ඉන්ධන ස්විචර් විසන්ධි විමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
උපුටා ගැනීම – දිනමිණ



Leave a Reply

Your email address will not be published. Required fields are marked *