ඔබේ පූසන් ඤාව් ශබ්දයෙහි අර්ථය පරිවර්තනය කරන ඇප් එකක්

483

ඔබේ පූසන් නගන ඤාව් ශබ්දය හඳුනාගෙන එම ශබ්දයෙහි අර්ථය පරිවර්තනය කරන ඇප් එකක් නිර්මාණය කිරීමට ඇමසෝන් ආයතනයේ හිටපු ඉන්ජිනේරුවරයෙකු සමත් වී තිබේ.

MeowTalk නමැති එම ඇප් එක මගින් සිදු කරනුයේ, පළමුව පූසන්ගේ හඬ පටිගත කරගෙන පසුව එම ශබ්දය හරහා එම පූසා කියන දේ හඳුනා ගැනීමය.

මේ වන විට එම ඇප් එක මගින් හඳුනා ගන්නේ වාක්‍ය ඛණ්ඩ 13ක් පමණි. “මට කන්න දෙන්න”, “මට බඩගිනියි” සහ “මට තනියම ඉන්න දෙන්න” යන වාක්‍ය ඛණ්ඩ ඒ අතර වේ.

මේ පිළිබඳව පර්යේෂණවල නිරත වූවන් පවසන්නේ, සෑම පූසෙකුට ම ආවේණික වෙනස් හඬක් ඇති බවය.

මේ හේතුවෙන් පූසන් වෙනස් වන විට මෙම ඇප් එක හරහා සිදුවන පරිවර්තන වෙනස් විය හැකි බව ද පර්යේෂකයෝ පවසති.

මෙහිදී artificial intelligence සහ machine-learning මෘදුකාංග භාවිත කෙරේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *