BREAKING NEWS
Search

කරන්දෙනිය සලිත කරමින් මවක සහ පුතෙකු ඝාතනය කෙරේ

1017

කරන්දෙනිය පොලිස් වසමේ කොටව ප්‍රදේශයේ දී මවක සහ පුතෙකු කපාකොටා ඝාතනය කර තිබේ.

ඔවුන් සිය නිවෙස තුළ සිටියදී මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 75ක් වන කාන්තාවක් සහ 25 හැවිරිදි තරුණයෙකි.

අදාළ තරුණයා පාසල් ළමුන් ප්‍රවහනය කරන ත්‍රීරෝද රථ රියදුරෙකු බවද සඳහන් වේ.

කෙසේ වෙතත් ඝාතනයට හේතුව හෝ ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

කරන්දෙනිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *