ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදුරු 15 කණුව ආසන්නයේදී බස් රථයක් ප්රපාතයකට පෙරළීමෙන් 10 දෙනෙකු මියගොස්, තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි යුධ හමුදාව පවසනවා.
තුවාලකරුවන් අතරට ළමුන් 4 දෙනෙකු ද ඇතුළත්.
අනතුරට ලක්වුවන් ඇතුළත් කෙරුණේ බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වලටයි.
තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගෙන චාරිකාවක් යමින් තිබූ බස් රථයක්, ඊයේ(04) රාත්රී 9.15 ට පමණ අනතුරට ලක්ව තිබුණේ, ජීප් රථ දෙකක ගැටී ප්රාපතයකට පෙරළීමෙන්.
එම අවස්ථාවේ නගර සභා සේවකයින් හා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු 30කට අධික පිරිසක් බස් රථයේ සිට ඇතැයි පොලීසිය සදහන් කළා.
තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ද, ඒ අතර වනවා.
නගර සභාවේ තාක්ෂණික නිලධාරින් දෙදෙනෙකු ද එම පිරිස අතරට ඇතුළත්.
අනතුරට ලක්වූ බස් රථයේ සිටි පිරිස මුදා ගැනිම සඳහා යුධ හමුදාව, පොලිසිය, ආපදා කළමාණකරණ අංශ මෙන්ම ප්රදේශවාසීන් දැඩි ප්රයන්තනයක යෙදමින් සිටිනවා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා අනතුරට ලක්වූවන්ට සහන සැළසීමට, තංගල්ල නගර සභාවේ කණ්ඩායමක් වහාම යොමු කරන ලෙස උපදෙස් දුන් බව ද, පළාත් පාලන නියෝජ්ය අමාත්ය රුවන් සෙනරත් මහතා සඳහන් කළා
.
– newsfirst.lk


















