BREAKING NEWS
Search

හදිසි අනතුරකින් අකාලයේ මිලින වී ගිය වෛද්‍යවරියක් ගැන ඇසෙන ඒ සංවේදී කතාව

1322
ඇයගේ මේ අහිමිවීම බොහෝ දෙනෙකුට කම්පනයක් වෙලා..

ජීවිතය අයැද ඇය දවස් ගණනක් රෝහලේ කාලය ගත කළත්, දැන් මේ සුරූපී වෛද්‍යවරිය සදහටම දෙනෙත් පියාගෙන හමාරයි..

රත්නපුර රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කළ වෛද්‍ය මධාරා මදුභාෂිණී, ඇත්තෙන්ම හරිම ප්‍රසන්න කාන්තාවක්.. ඇයට මෙවැනි ඉරණමක් අත්වෙන්නේ කිසිවෙකුත් නොසිතූ නිමේෂයක වීම ඇත්තෙන්ම හද කම්පා කරන්නට හේතුවුණු එක් කාරණයක්..

මේ ඇගේ සිඟිති දුවට මවකගේ උණුසුම ලැබෙන්නම ඕන කාලයක්.. ආදරණීය සැමියාට බිරිඳව නැතුවම බැරි කාලයක්.. ඒත් අද ඇය සියල්ලන් හඬවා නික්ම යන්නේ මේ ලෝකයේ ඇයට ආදරය කළ පිරිස සදා තනිකමක පාළුවක රඳවමින් කිව්වොත් හරි..

රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යනය කටයුතු හමාර කළ මදාරා නිසි වයසේදී විවාහපත්වෙන්නට තීරණය කරනවා ඇත්තේ තමන්ට තමන්ගේ ජීවිතය ගැන සැලසුම් බොහෝමයක් තියෙන්නට ඇති නිසා වෙන්න ඇති.. ඒත් ඉතින්  අවසානයේ මේ හැම දෙයක්ම හැරදා ඇයට යන්න සිදුවෙනවා..

නොසිතූ මොහොතක සිදුවුණු අනතුරක් නිසා ඇය ජීවිතයත් මරණයත් අතර සටනක පසුවෙන්නේ දින කිහිපයක සිටයි.. කොහොම වුණත් රටට සේවයක් ඉටුකළ මේ වෛද්‍යවරිය සදහටම මෙලොවින් සමුගන්නවා.. ඇයගේ දේහය මේ වනවිට ඇගේ නිවසේ තැන්පත් කර ඇති  අතර හෙට සවස 4.00ට මල්වල පොදු සුසාන භූමියේදී,  දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *