BREAKING NEWS
Search

ජපන් යන්න බලාගෙන ඉන්න ඔයාට මෙන්න අනගි අවස්ථාවක්

149

ජපන් රැකියා අපේක්ෂිතයින් වෙනුවෙන්  ජපන් රැකියා පොළක් හා දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ද (JAICA) සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම රැකියා පොළ කොස්වත්ත, බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී හෙට (30)පෙරවරු නවයේ සිට පැවැත්වේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති  කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සිදු කෙරෙයි.

මෙහිදී නිවැරදි මාර්ගයෙන් ජපන් රැකියාවක් සඳහා යොමු වන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කරන අතර, ඊට අමතරව, ශ්‍රී ලාංකිකයින්ට අයැදුම් කළ හැකි ජපන් රැකියා ක්ෂේත්‍ර, ඊට අවශ්‍ය මූලික සුදුසුකම් වැනි කරුණු පිළිබඳව උදෑසන හා දිවා වශයෙන් සැසිවාර දෙකක් ඔස්සේ රැකියා අපේක්ෂිතයින් දැනුවත් කිරීමටද නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *