BREAKING NEWS
Search

හිටපු ජනපතිගේ අලුත්ම තත්වය මෙන්න

339

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කෙරෙනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර ඔහු රෝහලෙන් තවදුරටත් ප්‍රතිකාර ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ පවුලේ ඥාතීන් තීරණය කළ යුතු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඉකුත් 23 වැනිදා මාරු කරනු ලැබීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *