BREAKING NEWS
Search

පොලිස් පොතේ කොළ ඉරා සපා කෑ තරුණයාට සිදු වූ දේ

122

පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට මහව මූලස්ථාන පොලිසියට පැමිණ පොලිස් සටහන් පොතේ කොළ දෙකක් ඉරා කටේ දමා සපාකෑ බව කියන සිද්ධියකට අදාළ පැමිණිලිකරුවෙක් ඇප මත මුදා හැරීමට මහව මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කර තිබෙනවා.

මෙසේ ඇපමත මුදා හැර ඇත්තේ මහව, පොල්කටුව ප්‍රදේශයේ පදිංචි තිස් හය හැවිරිදි අයෙකි.

මෙම සැකකරු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ රජයේ දේපළවලට අනර්ථයක් කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය පවසනවා.

තමන්ට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකුගේ නම් ඉදිරිපත් කරමින් පැමිණිලිකරු මහව පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

එහිදී පළමු දින පැමිණිලිකරු පොලිසියට පැමිණ නැති අතර සිද්ධියේ අනෙක් පාර්ශ්වයේ දෙ‍ෙදනාට අවවාද කර ප්‍රකාශ සටහන් කර මුදා හැරීමට පොලිසිය කටයුතු කර තිබූ බව වාර්තා වෙනවා.

මේ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පැමිණිලිකරු තමන්ට මෙම පැමිණිල්ල තවදුරටත් පවත්වාගෙන යායුතු නැති බවත් එය ඉවත් කර ගත යුතු බවත් ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව පොලිසිය එම පැමිණිල්ල අවසන් කර තිබෙනවා.

පසුව නැවතත් තමන්ට මෙම පැමිණිල්ල විභාග කළ යුතු බවට සැකකාර පැමිණිලිකරු පොලිසියට පැමිණ පවසා ඇති අතර, ඒ අනුව එම ස්ථානයට පැමිණි සැකකරු පොලිස් පොත බැලීමට අවශ්‍ය බව කියා එහි පිටු දෙකක් ඉරා සපාකා ඇතැයි වාර්තා වෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහව  මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක  කුලතුංග මහතාගේ උපදෙස් මත  විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බි.එම්. බණ්ඩාර ,පොලිස් සැරයන් අශෝක (35989) යන අය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *