අපරාධ දූෂණවලට හවුල් සහ මහජන ධනය අවභාවිත කළ සියලු දෙනා නීතිය හමුවට ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්

145

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බවත්, එවැනි සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරනු ලබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (26) කොළඹ දී පැවති ජාතික භික්ෂු දින සැමරුම් උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, කවර හෝ දිනයක අපරාධයකට, දූෂණයකට, බලය අයුතු ලෙස භාවිත කිරීමකට හෝ මහජන ධනය අවභාවිත කිරීමකට කවරකු හෝ කටයුතු කරන්නේ නම්, ඒ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට උපරිම ආකාරයෙන් කටයුතු කරන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි. එවැනි සංස්කෘතියක් අපි හදනවා. ධනය, බලය, තනතුරු, ඉතිහාසය, විරාජමානව බලය හෙබවීම, කිසිවක් අදාළ නැහැ. නීතියේ ඉදිරියේ හැමදෙනාම සමානයි.“

“අපේ රටේ කවර හෝ දිනක අපරාධයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනයක දූෂණයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනයක බලය අයුතු ලෙස උපයෝගී කර ගෙන තිබෙනවා නම්, කවර හෝ දිනයක මහජනයාගේ ධනය රිසි සේ නාස්ති කොට තිබෙනවා නම්, ඒ සෑම කෙනාම නීතිය හමුවට ගෙන ඒම සඳහා උපරිම ප්‍රයත්න දරනවා. පළිගැනීම නෙමෙයි. දඩයම් කිරීම නෙමෙයි. මේ සමාජයට යළි නීතිය, යුක්තිය, සාධාරණත්වය පිළිබඳව හැඟීමක් සහ විශ්වාසයක් හදන්න ඕනෑ.‘‘




Leave a Reply

Your email address will not be published. Required fields are marked *