BREAKING NEWS
Search

හෘදයේ ධමනි හතරෙන් දෙකක් සම්පූර්ණයෙන්ම අවහිවර වෙලා. හිටපු ජනපති රනිල් ගැන ඇසෙන මේ කතාව මොකක්ද ?

126

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගැන මේ ඇසෙන්නේ තවත් එක් විශේෂ කතාවක්..

මහජන මුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩුවට අදාළව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව කොළඹ ජාතික රෝහලේ සිට සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට සම්බන්ධ කරගෙන ඇතැයි හිරු වාර්තාකරු පවසනවා..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහයේ හෘදයේ ධමනි හතරෙන් දෙකක් සම්පූර්ණයෙන්ම අවහිවර වී ඇති බවට අධිකරණයේදී කරුණු හෙළිවුණා..

ඒ, ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ මඩුල්ල කළ කරුණු ඉදිරිපත් කිරීමෙන්..

හිටපු ජනපතිගේ බිරිය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මේ වන විට දැඩි ලෙස රෝගී තත්ත්වයක සිටින බවද නිතීඥවරු අධිකරණයට දැනුම් දුන්නා..

මේ හේතු‍ සුවිශේෂී කරුණු ලෙස සලකා බලා තම සේවාදායකයාට ඕනෑම ඇප කෙන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසට හිටපු ජනපතිවරයාගේ නිතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා..

සැකකාර රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කරන බව මෙහිදී නිතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයෙන් ඉල්ලීය..

මෙම විමර්ශන තවදුරටත් අවසන්ව නැතැයි ද ඔහු අධිකරණයට දැනුම් දුන්නා..

මේ නඩුව මේ වන විටත් අධිකරණයේ පැවැත්වෙමින් තිබෙනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *