යූටියුබ් සුදාගේ පොලිස් ආරක්ෂාව ගැන ගත් තීරණය මෙන්න

545

සාමාජ ක්‍රියාකාරියකු වන සුදත්ත තිලකසිරි නැමැත්තාගේ ආරක්ෂාව සදහා ලබාදී තිබූ ආරක්ෂක නිලධාරින් දෙදෙනා ඉවත් කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

එම පුද්ගලයා විසින් තමාට විවිධ පුද්ගලයන්ගෙන් තර්ජන තිබෙන බවත් ඒ අනුව පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස කර තිබූ ඉල්ලීමට අනුව ආරක්ෂාව සපයා තිබූණි.

කෙසේ වෙතත්  බුද්ධි අංශ වාර්තාවලට අනුව ඔහුට මේවන විට කිසිදු තර්ජනයක් නොමැතිබවට තහවුරු කිරීම හේතුවෙන් මෙසේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව එම උසස් නිලධාරියා පැවැසීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *