BREAKING NEWS
Search

රනිල්ගේ ආරක්ෂාව අවි ගත් නිලධාරි අටක් රෝහල අවටද විශේෂ පොලිස් ආරක්ෂාවක්

30

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට  ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුළු  බන්ධනාගාර නිලධාරීන්  අට දෙනකු අවි සහිතව  යොදවා ඇතැයි  බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙයට අමතරව රෝහල අවට විශේෂ පොලිස්  ආරක්ෂාව යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

හිටපු ජනාධිපතිවරයා  රිමාන්ඩ්  බන්ධනාගාර ගත කිරීමෙන් පසු වෛද්‍ය නිර්දේශ මත ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත්  කරනු ලැබීය.
ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් වූ පසු නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහලට   රැගෙන යෑමට  නියමිතව ඇතැයි  බන්ධනාගාර ප්‍රධානියෙක් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *