ගම්පහ ප්‍රදේශයේ අපරාධකරුවන් පිරිසක් අවි ආයුධ සමග අත්අඩංගුවට. ඇග සලිත වෙන කතාවක්

1111

ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් 10කු මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මීට අමතරව පරකන්දෙණිය, දළුවකොටුව සහ කටාන යන ප්‍රදේශවල සිදුකළ වැටලීමක දී සැකකරුවන් සතුව තිබී රිපීටර් වර්ගයේ ගිනිඅවියක්, පිස්තෝල අවියක්, ටී – 56 මැගසින් 9ක් සමග පතොරොම් 183ක්, මිලිමීටර් 9 වර්ගයේ පතුරොම් 280ක්, කඩුවක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.

එමෙන්ම සැකකරුවන් භාවිතාකළ යතුරුපැදියක් සහ මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *