2025 වර්ෂයට අදාල රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර අද(18) ආරම්භ වනවා.
එසේම , මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ ලබන 25 වනදා සිටයි.
කෙසේ වෙතත් , 2025 ට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් මීට පෙර ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව සා/පෙළ විභාගය, 2026 වසරේ පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වීමට නියමිත අතර, 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිත වනවා


















