හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවතී සිටින විජේරාම නිල නිවසෙන් ඉවත් වීමට සූදානම් වෙමින් පවතින බව වාර්තා වෙයි.
ඒ මහතා මැදමුලනේ පිහිටි සිය නිවසට යාමට වැඩි කැමැත්තක් දැක්වුවත් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීමේදී ඇතිවන අපහසුතාවයක් මෙන්ම සැලකිය යුතු දුරක් ගෙවමින් කොළඹට පැමිණීමේ අපහසුතාවය සලකා බලමින් මෙම පියවර ගනිමින් ඇත.
හිටපු ජනාධිපතිවරයාට නැවතීමට සුදුසු ගෙවල් රැසක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී ඇතත් ආරක්ෂක තත්ත්වයන් සම්බන්ධයෙන් තවදුරටත් සලකා බලමින් සිටින වාර්තා වෙයි.
ඒ මහතාගේ දරුවන්ගේ නිවාස ඇතත් ඒවායේ ආරක්‍ෂක පහසුකම් සම්බන්ධයෙන් ඇති ගැටළු මෙම තත්වයට බලපා ඇතැයිද පැවසෙයි.
Source – Lanka C News



















