BREAKING NEWS
Search

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බිහිසුණු අනතුරක්

322

ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා දිය ඇල්ලට ඉහළ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.

එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා දෙමෝදර සහ බණ්ඩාරවෙල යන රෝහල්වලට ඇතුළත් කර ඇත.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *