Search

කොළඹ යොවුන් සමුළුවට යනවා කියා සිසුවිය පෙම්වතා සමග ගිහින්

377

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ජාතික යොවුන් සමුළුවට පාසලේ සිසුවියන් සමග යන බවට මවට බොරු කියා නිවසින් පිටව ගොස් තම පෙම්වතා සමග ගිය බව කියන අවුරුදු 15ක් වයසැති 11 වැනි ශ්‍රේණියේ සිසුවියකගෙන් අනාවරණය කර ගත් කරුණු අනුව එම 18 හැවිරිදි පෙම්වතා අළුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 12 වැනිදා උදේ 6.30 ට පමණ නිවසින් පිටත්ව ගිය දැරිය ධර්ගා නගරයේ සුපිරි වෙළෙඳසලක් අසලදී පෙම්වතා සමග ත්‍රීරෝද රියකට නැග අළුත්ගම නගරයට පැමිණ එතැන් සිට අවිත්තාව – කොළඹ බස් රථයකින් කොළඹ කොටුවට පැමිණ ඇත. මේ අතර දියණියගේ ගමන පිළිබඳව සැක සිතූ මව ඇගේ පාසලේ ගුරුතුමියට ඇමතුමක් ගත්විට ඇය පවසා ඇත්තේ පාසලේ චාරිකාව අලුයම 5.00 ට පිටත්වූ බවත් මෙම දැරිය ඊට එක් නොවූ බවත්ය. පසුව දැරිය තමාට දුරකථනයෙන් කතා කර තම සහෝදරයා සමග සුගතදාස ක්‍රීඩාංගණය අසලට පැමිණ බස් රථයට ගොඩ වන පැවසූ බව ද ගුරුවරිය මවට ප්‍රකාශ කර තිබේ.

එම ගුරුවරියට දැරියගේ ඇමතුම ලැබී ඇත්තේ පෙම්වතාගේ දුරකථන අංකයෙන් බව පසුව අනාවරණය වී තිබුණි. සැකකාර පෙම්වතා ඊයේ (13) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අළුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. කේ. රත්නසිංහම් සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක නිශාදි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.

කළුතර විශේෂ එස්.ආරච්චිගේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *