BREAKING NEWS
Search

බොරැල්ලේ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු මරුට

188

බො‍රැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර අද පෙරවරුවේද එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඊයේ රාත්‍රී 8.40ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයින් පස්දෙනෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

එහිදී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩික්කරුවන් පලා ගොස් ඇතැයි පොලීසිය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *