BREAKING NEWS
Search

පාකිස්තාන පිතිකරු හයිඩර් අලි අත්අඩංගුවට

1226

පාකිස්තාන යොවුන් පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය ජූලි මාසයේ එංගලන්තයේ සිදුකළ සංචාරය අතර තුර ඔහු විසින් මෙය සිදුව ඇති බව සඳහන්.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ නිශ්චිතව දක්වා නොමැති වුවත් ඔහුගේ ක්‍රීඩා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබේ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය එක්සත් රාජධානියේ නීතිමය ක්‍රියා පටිපාටි සහ ක්‍රියාවලීන්ට සම්පූර්ණයෙන්ම ගරු කරන බවත්, විමර්ශනය නියමිත වේලාවට ක්‍රියාත්මක වීමට ඉඩදීමේ වැදගත්කම පිළිගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව පවතින විමර්ශනයේ ප්‍රතිඵලය තෙක් අලිට පැනවූ ක්‍රිකට් තහනම බලපැවැත්වෙනු ඇත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *