BREAKING NEWS
Search

පාර්ලිමේන්තු ආපු ගමන් ජනපති අනුර විපක්ෂයට රිදෙන්නම කිව්ව කතාව

194

අද දින පාර්ලිමේන්තු සභා වාරය සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ අතර එහිදී ඔහු  කතාව ආරම්භ කිරීමත් සමගම  විපක්ෂට සැර ප්‍රකාශයක් සිදු කළේය.

ජනපති සඳහන් කළේ විපක්ෂය විවිධ අවස්ථාවන්වලදී රටේ ආර්ථික අස්ථායිතාවයක් බලාපොරොත්තු වෙමින් ඒ පිළිබඳව සිහින දකිමින් කල්මැරූ අතර එවැනි දෙයක් කිසිසේ සිදුවන්නේ නැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති සඳහන් කළේ,

“මේ බිඳ වැටීම අපේක්ෂා කළා ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද ගැටුම් ඇති වුණාට පස්සේ නිරන්තර මාධ්‍ය සාකච්ඡා පවත්වන මහත්වරු කොළඹට බෝම්බ දායි කියලා අපේක්ෂා කළා. ඒ වෙලාවේත් අපේ හමුදාපතිවරු හිටියේ පාකිස්තානයේ. නමුත් මෙහෙ විපක්ෂය අපේක්ෂා කළා කොළඹට බෝම්බ දායි කියලා. ඒක ප්‍රාර්ථනාවක්. ඊට පස්සේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ජාත්‍යන්තර මට්ටමේ යුද්ධයක් පටන් ගත්තාට පස්සේ දැන් බිඳවැටෙයි කියලා.

ඒක වුණේ නෑ. ඊළඟ විශාලම අපේක්ෂාව වුණේ අමෙරිකානු බදු ප්‍රතිපත්තිය මඟින් අපේ ආර්ථිකය බිඳ වැටේවි කියලා. ඒ නිසා තමුන්නාන්සේලා අපේ ආර්ථිකයේ ව්‍යවසනයක් ඇති වේවි කියා කුරිරු සිහිනයක් දකිනවා. ඒ විනාශකාරී සිහිනය සැබෑ වෙන්නේ නෑ. ඒක විතරක් තියලා තියා ගන්න. දේශපාලනය වෙන රාමුවකින් කරන්න පටන් ගන්න. ඔය රාමුව වැරදියි. අගෝස්තු ජනාධිපති කෙනෙක් හිටියා නේද පාර්ලිමේන්තුවේත් නෑ”

යනුවෙනි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *