BREAKING NEWS
Search

විවේක ගැනීමට නතර කරන අවස්ථාවේ ජලය වෙනුවට නැටුම් තෙල් බී මගින් විශාල සංඛ්‍යාවක් අනතුරේ හෙලූ රියදුරු

469

බීමත්ව රිය පැදවීම හේතුවෙන් ඊයේ නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ලංගම බස් රථ රියදුරා එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්දිකා මෙනවිය විසින් මෙම නියෝගය ලබා දී ඇත.

මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ වයස අවුරුදු 47ක් වන දිවුලපිටිය මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා විශාල මගීන් ප්‍රමාණයක් ද රැගෙන අධික ලෙස බීමතින් බස් රථය ධාවනය කර තිබුණි.

අදාල බස් රථය ගමනාන්තය ලෙස මීගමුව දක්වා යාමට නියමිතව තිබූ අතර නුවරඑළියේදී පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී රියදුරා බීමත්ව සිට ඇති බව තහවුරු වී ඇත.

එමෙන්ම රියදුරු ආසනයට පිටුපස තිබී මිලි ලීටර් 750ක නීති විරෝධී මත්පැන් කෑන් එකක් ද සොයා ගැනීමට පොලීසියට හැකියාව ලැබුණි.

ඒ අනුව අදාල රියදුරු අත්අඩංගුවට ගත් අතර බීමත්ව රිය පැදවීම සහ නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ රියදුරුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

පොලිසිය සැක පල කරන්නේ බස් රථය ධාවනය කර විවේක ගැනීමට නතර කරන අවස්ථාවේ ජලය පානය කරන මුවාවෙන් සැකකර රියදුරා මත්පැන් පානය කරන්නට ඇති බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *