BREAKING NEWS
Search

දේශබන්දු කුරුණෑගලින් මහ ඡන්දෙට

326

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරි මහ මැතිවරණයට ස්ථිරවම තරග  කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරග වදිනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය. කුරුණෑගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට වාසි සහගත එකක්  හෙයින් එම දිස්ත්‍රික්කය මෙසේ තෝරාගෙන ඇති බව දැනගන්නට ඇත.

දේශබන්දු  තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපන යෝජනාව පාර්ලිමේන්තුවේ දී ලබන 5 වැනිදා සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් ඔහු  එම ධුරයෙන් නෙරපා හැරෙනු ඇත.

මේ අතර පොලිස්පතිවරයා ධුරයෙන් නෙරපා හරිනු ලැබුවහොත්  විශ්‍රාම වැටුප් හෝ වෙනත් වරප්‍රසාද අහිමිවන බව මැති සභා කමිටු වාර්තාවේ කිසිම තැනක සඳහන් නොවන හෙයින් එම පහසුකම් අහිමි කරනවාද නැද්ද යන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ ජාතික පොලිස් කොමිෂන් සභාව පසුව තීරණය කළ යුතු  බව මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.

සුජිත් හේවාජුලිගේ

ලංකාදීප




Leave a Reply

Your email address will not be published. Required fields are marked *