BREAKING NEWS
Search

ජනප්‍රිය නළුවෙකු හෝටල් කාමරයක් තුලදී අභිරහස් ලෙස මරුට

33305
ජනප්‍රිය ඉන්දීය නළුවෙකුගේ සිරුර හෝටල් කාමරයකින් සොයාගනී…
මේ කියන්න යන්නේ තවත් අබිරහසක් එක්කළ කතාවක්ද..?

එහෙම නැත්නම් සංවේගයක් එක්කළ කතාවක්ද..? කොහොම වුණත් සියල්ලන්ටම ප්‍රශ්නාර්ථයක් එක්කරමින් දැන් ඔහු ජීවිතයෙන් සමුගෙන ගිහින්.. ජනප්‍රිය මලයාලම් නළුවෙකුගේ සිරුර හෝටල් කාමරයකින් සොයාගනී.. ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙකුගේ සිරුර හෝටල් කාමරයකින් සොයාගෙන තිබෙනවා..

නවාස් නම් 51 හැවිරිදි මලයාලම් රංගන ශිල්පියා චිත්‍රපට රූගත කිරීමක් සඳහා නවාතැන් ගෙන සිටි හෝටලයේ කාමරයක මියගොස් සිටියදී සොයාගත් බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ… ඔහුගේ සිරුර සොයාගත් විගස රෝහලකට ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරු ඒවන විටත් ඔහු මිය ගොස් ඇතිබව තහවුරු කර තිබෙනවා..

ඔහුට හෘදයාබාධයක් ඇති වන්නට ඇති බවටයි ඉන්දීය පොලිසිය සැක පළ කරන්නේ..

කෙසේනමුත් රංගන ශිල්පියාගේ මරණයට හේතුව සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශයක් සිදුකර නැහැ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *