BREAKING NEWS
Search

සමාජ මාධ්‍ය කැලබු ළමුන් පිරිසක් රැගෙන ගිය බස් රථ රියදුරුට හන්තානේදී පහරදුන් සිව්දෙනෙකුට සිදු වූ දේ

1778

මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේ පාසල් ළමුන් රැගෙන ගිය බස් රථයක රියදුරෙකුට පසුගිය 25 වැනි දින පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක් මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21,26,27 සහ සැකකාරිය අවුරුදු 38 වයස්වල පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

අනුරාධපුරයේ සිට හන්තාන කඳුවැටිය නැරඹීමට පාසල් සිසු සිසුවියන් පිරිසක් රැගෙන ගිය මෙම පෞද්ගලික බස් රථය ත්‍රිරෝද රථයක ගැටී තිබුණි.

අනතුර සිදුවීමෙන් පසු බස් රථයේ රියදුරුට මහනුවර හන්තාන ප්‍රදේශයේ පිරිසක් විසින් පහර දෙනු ලැබීය.

පහර කෑමෙන් තුවාල ලැබූ බස් රථ රියදුරු පසුව රෝහල්ගත කිරීමටද පියවර ගෙන ඇති අතර බස් රථයේ සිටි ගුරුවරුන් සහ දෙමාපියන් රියදුරුට පහර නොදෙන ලෙස දැන්වූද අදාළ පිරිස් විසින් රියදුරුට පහර දී තිබුණි.

ඒ අනුව එම පහරදීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (26) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර එහිදී සැකකාරිය ඇප මත මුදා හැර හැරීමට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම අනෙකුත් සැකකරුවන් තිදෙනා හෙට (28) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මහනුවර පොලීසිය විසින් සිදුකරනු ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *