ඇය ලස්සනයි… ඒ වගේම ඇය රජයේ වැදගත් රැකියාවක් කළා.. ඔහු සමග විවාහවූයේ දහසක් බලාපොරොත්තු තබාගෙනයි …
වසර තුනක්ම ගෙවී ගියා. දරුවකුද ලැබුණා. ඉකින් ටික ඇගේ රූපය වෙනස් වුණා.. දරුවා එක්කත් රකියාව නිසාත් ඇය වෙහසට පත් වුණා … තම සැමියා රැකියාව නිමකර ආ විගස අන්තර්ජාලයෙන් බොහෝ කාර්යයන් තිබෙන බව පවසමින් එහිම ගතකරනු ඇයට පෙනිණි. ඔහු ලඟට යනකොට ෆෝන් එක ඕෆ් කරනවා… හොරෙන් බලාගෙන ඉන්නකොට ඇය දැක්කා ඔහු තනියම හිනාවෙනවා. ෆෝන් එක දිහා බලාගෙන.. හැම වෙලාවෙම මොනවා හරි ටයිප් කරනවා … තම කුඩා දරුවාද සමග මේ ගැන විපරම් කළ ඇයට දක්නට ලැබුණේ සැමියා අන්තර්ජාලයෙන් හඳුනාගත් කිපදෙනකුම ඇසුරු කරන බවයි …
දිනෙන් දින අන්තර්ජාලයෙන් සොයා ගන්නා නව පෙම්වතියන් හමුවීම, ඔවුන් ඇසුරු කිරීම තම සැමියාගේ විනෝදාංශය බව ඇය තේරුම් ගත්තා. සැමියාට කොතෙක් අවවාද කළද ඇයට සවන්දෙන බවක් නොපෙණුනා…
අපි ආදරේ කරලා නේද බැන්දේ මොනවද කසුන් මගෙන් අඩු උණේ ? ඇය දුකින් ඇහුවා.. වැලපුනා …
සියලු වේදනා දරා සිටි ඇය දරුවාද සමග පොලිසියට පැමිණියේ පෙම්වතියන් සොයා යන තම සැමියා ගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව කියා පැමිණිලි කිරීම සඳහා.
එයා හැමවෙලාවෙම ෆෝන් එක බලනවා … මට සැක හිතුණා සර් … ඇය අඩමින් කිව්වා …
පොලිසිය පවුල් අවුල් අංශයෙන් සැමියාට දැඩි අවවාද කරුණු දක්නට ලැබුණා.. ඒත් අන්තිමේට මේ දෙවල් නතර වුණේ නැහැ… ඇය ඔහුගෙන් වෙන් වුණා…




















