Search

ජනප්‍රිය රංගන ශිල්පියෙක් දියේ ගිලී මරුට

34670

ජනප්‍රිය අමෙරිකානු රූපවාහිනී කතා මාලාවක් වන ” ද කොස්බි ෂෝ ” හි තියඩෝර් හක්ස්ටබල් හරහා ප්‍රසිද්ධත්වයට පත්වූ නළුවෙකු සහ කලාකරුවෙකු වන මැල්කම්-ජමාල් වෝනර් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඔහු 54 හැවිරිදි වියේ පසුවිය.

වෝනර් සිය පවුලේ අය සමග නිවාඩුවක් ගත කරමින් සිටියදී කොස්ටාරිකාවේ දියේ ගිලී මිය ගිය බවයි මූලාශ්‍රය පවසන්නේ.

පසුගිය ඉරිදා එරට වේලාවෙන් පස්වරු 2:30ට පමණ කොස්ටාරිකාවේ කැරිබියන් වෙරළ තීරයේ ලිමොන් පළාතේ කහුයිටා නගරය අසල ප්ලායා ග්‍රෑන්ඩ් හි පිහිනමින් සිටියදීයි ඔහු මෙසේ දියේ ගිලී ඇත්තේ.

වාර්තා සඳහන් කරන්නේ, වෙරළේ සිටි පුද්ගලයින් වෝනර්ට උදව් කිරීමට උත්සාහ කළ නමුත්, රතු කුරුස සංවිධානය විසින් ඔහු මිය ගිය බව ප්‍රකාශ කළ බවයි.

නිව් ජර්සි හි උපන් වෝනර් වයස අවුරුදු 9 දී රංගනය ආරම්භ කළ අතර “ෆේම්” වැනි සංදර්ශනවල පෙනී සිටියා.

1984 සිට 1992 දක්වා විකාශය වූ “ද කොස්බි ෂෝ” හි බිල් කොස්බි සහ ෆිලීෂියා රෂාඩ්ගේ චරිතවන හීත්ක්ලිෆ් සහ ක්ලෙයාර් හක්ස්ටබල්ගේ එකම පුත්‍රයා ලෙසයි ඔහු රරංගනයෙන් දායක වූයේ.

Cosby Show' actor Malcolm Jamal-Warner dies at 54 - WHYY




Leave a Reply

Your email address will not be published. Required fields are marked *