BREAKING NEWS
Search

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන දුක හිතෙන ආරංචියක්

681

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව, ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලීවිට් පවසා ඇත.

ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකාව මේ බව පැවැසුවේ, ට්‍රම්ප්ගේ එම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ධවල මන්දිර වෛද්‍යවරයා ලබා දුන් වාර්තාවක් ද මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරමිණි.

79 හැවිරිදි ට්‍රම්ප්ගේ පාදවල ඉදිමීම් දකින්න ලැබෙන අතර, අත්වල තැලීම් වැනි පැල්ලම් දකින්න ලැබෙන ලැබෙන බව පැවැසෙයි. ඒ අනුව, ට්‍රම්ප්, ධවල මන්දිර වෛද්‍යවරයා හමුවට යොමු කළ අවස්ථාවේදී, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සිදු කළ බව ලීවිට් මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය.

එහි ප්‍රතිඵල අනුව, ධවල මන්දිර වෛද්‍යවරයා තීරණය කර ඇත්තේ, ට්‍රම්ප්, නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බවය.

කෙසේ නමුත් දැනට මෙය බරපතල තත්ත්වයක් නොවන බවත්, අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයන් අතර සාමාන්‍ය තත්ත්වයක් බවත් වෛද්‍යවරයා සිය වාර්තාවෙන් පැහැදිලි කර ඇත.

(එන්.ඩී.ටීවී.)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *