BREAKING NEWS
Search

කැබ් රියට යටවී මල් කැකුලක් අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට

598

මුරුන්කන් ප්‍රදේශයේ වංකාල නානට්ටාන් මාර්ගයේ නරි විලකුලම්, වෙලාන්ගනි හන්දියේදී සිදු වූ රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් මිය ගොස් තිබේ.

මව, පියා, දියණිය පුතා ඇතුලු එකම පවුලේ සිව්දෙනෙකු ඊයේ (10) යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් සිව්දෙනාම තුවාල ලබා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පිරිමි දරුවා මියගොස් තිබේ.

මෘත ශරීරය මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මුරුන්කන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *