2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසීය.
එය විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක්ය.
එමෙන්ම සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ගත් 13,392ක් සිටින බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.
එය ප්‍රතිශතයක් ලෙස 4.15%කි.
පළාත් අනුව ශිෂ්‍ය සමත් ප්‍රතිශත
බස්නාහිර 74.47%
මධ්‍යම 73.91%
දකුණ 75.64%
උතුර 69.86%
නැගෙනහිර 74.26%
වයඹ 71.47%
උතුරු මැද 70.24%
ඌව 73.14
සබරගමුව 73.47%
විශයන් අනුව සමත් ප්‍රතිශතය
බුද්ධර්මය 83.21%
හෛවනෙරි 82.96%
කතෝලික 90.22%
ක්‍රිස්තියානි 91.49%
ඉස්ලාම් 85.45%
ඉංග්‍රීසි 73.82%
සිංහල භාෂාව හා සාහිත්‍ය 87.73%
දෙමළ භාෂාව හා සාහිත්‍ය 87.03%
ඉතිහාසය 82.17%
විද්‍යාව 71.06%
ගණිතය 69.07%
සියලුම විශයන් අසමත් සිසුන් ප්‍රතිශතයක් ලෙස 2.34%



















